මුද්දර ගාස්තු සඳහා මතය

2014 ජූනි 10 වෙනි අඟහරුවාදා, 10:06 Revenuedept
මුද්‍රණය

තක්සේරුකරුගේ මතය
1990
අංක 07 දරන දකුණු පළාතේ මුදල් ප්‍රඥප්තියේ විධිවිධාන පරිදි දකුණු පළාත තුළ පිහිටි නිශ්චල දේපල පැවරීමේ දී එම දේපළෙහි වෙළඳපොල වටිනාකම අනුව මුද්දර ගාස්තු ගෙවිය යුතුය.  එහෙත් ලියා අත්සන් කරනු ලබන සාධන පත්‍රවලින් වැඩි සංඛ්‍යාවක දේපළෙහි නිවැරදි වෙළඳ වටිනාකම ප්‍රකාශ නොකර මුද්දර ගාස්තු ගෙවනු ලබන බව නිරීක්ෂණය වී ඇත.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන මුදල් ප්‍රඥප්තියේ 62 වගන්තියේ විධිවිධාන පරිදි,

  1. ලියා අත්සන් කරනු ලැබූ හෝ නොලැබූ,
  2. මුද්දර ගාස්තු ගෙවන ලද හෝ නොගෙවන ලද

යම් සාධන පත්‍රයක් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව යම් සාධන පත්‍රයක් සඳහා අය කළ යුතු මුද්දර ගාස්තු පිළිබඳව තක්සේරුකරුගේ මතය ලබාදීම සඳහා 2012-01-01 දින සිට  කටයුතු යොදා ඇති බව සතුටින් දන්වමි.

තවද, අනුව මුද්දර ගාස්තු ගෙවා සාධන පත්‍රයේ දෙවන පිටපත දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව නිසි පරිදි මුද්දර ගාස්තු ගෙවූ සාධන පත්‍රයකි. යනුවෙන් මුද්‍රාංකනය මඟින් සහතික කර දෙනු ලැබේ. එම සාධන පත්‍ර සඳහා දේපළෙහි වෙළඳ වටිනාකම පරීක්ෂා කිරීම සඳහා නැවත කැඳවීම් කරනු නොලැබේ.

මේ සඳහා රු. 250/- ගාස්තුවක් අය කරනු ලැබේ.  පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතුය.

ඉදිරිපත් කළ යුතු ලේඛන

  1. ලියා අත්සන් කරනු ලැබූ හෝ එසේ කිරීමට අදහස් කරන සාධන පත්‍රයේ ඡායා පිටපතක්
  2. පවරනු ලබන දේපළෙහි මුල් ඔප්පුවේ ඡායා පිටපතක්
  3. දේපළෙහි මිනින්දෝරු සැලැස්මේ ඡායා පිටපතක්
  4. ගොඩනැගිලි සැලැස්මේ ඡායා පිටපතක් (ඇත්නම්)
  5. අයදුම්පත්‍රය

 

අවසන් යාවත්කාලීන කිරීම 2015 මැයි 30 වෙනි සෙනසුරාදා, 04:24