Tamil-Sri LankaEnglish (United Kingdom)
ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!!
මුල් පිටුව අප ගැන ඓතිහාසික සංවර්ධනය

දෙපාර්තමේන්තුවේ ඓතිහාසික සංවර්ධනය

1990 අංක: 07 දරණ දකුණු පළාතේ මුදල් ප්‍රඥප්තිය යටතේ දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇත.

 ප්‍රධාන අරමුණ වන්නේ  13 වන ආණ්ඩුක්‍රව්‍යවස්ථා සංශෝධනය මඟින් ඇති කරන ලද පළාත් ආදායම් රැස්කිරීමේ විෂය සම්බන්ධව පවරා ඇති බල සීමාව තුළ ක්‍රියාකරමින් දකුණු පළාත් සභාවේ ආදායම් රැස් කිරීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කිරීමයි

පළාත් සභා පිහිටුවීමට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද පිරිවැටුම් බදු රැස්කිරිම පළාත් සභා පිහිටුවීමෙන් පසුව පළාත් ආදායම් දෙපාර්තමේන්තුව යටතට පත් කරන ලදි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සේවයට බඳවා ගැනීමෙන් හා අනුයුක්ත කිරිම මඟින් 1991 වර්ෂයේදී ආරම්භ කරන ලද දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුව අවශ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගනිමින් පුළුල් කරන ලදි.

දකුණු පළාතේ භූගෝලීය ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් 1991 වර්ෂයේදී දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් මාතරද, 1997 වර්ෂයේදී දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් හම්බන්තොටද පිහිටුවන ලදි. ප්‍රධාන කාර්යාලය ගාල්ල නගරය තුළ ස්ථාපිත කරන ලද අතර, "දකුණු පළාත් ආදායම් කොමසාරිස්වරයා" යටතේ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වේ.

1991 වර්ෂයේ පිරිවැටුම් බදු රැස්කිරීම මිලියන 82 වූ අතර, 2006 වර්ෂයේ එය මිලියන 581 දක්වා වර්ධනය කර ගැනීමට සමත්ව ඇත.  2009 වර්ෂයේ ආදායම් ඉලක්කය මිලියන 1375 ක්වූ අතරමිලියන 1401 ක් රැස්කිරීමට හැකි විය. රු:මිලියන1541වූ 2010 වසරේ පිරිවැටුම බදු ආදායම් ඉලක්කය රු:මිලියන 1641 ලෙස ඉක්මවා ගොස් ඇත. සමස්ථ ආදායම් ඉපයීම් රමාණය මිලියන 2000 ඉක්මවීමට මේ අනුව හැකිවනු ඇත.

දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සංයුතිය පහත පරිදිවේ.

· පළාත් ආදායම් කොමසාරිස්
- 01
· නියෝජ්‍ය ආදායම් කොමසාරිස්
- 03
· ගණකාධිකාරී
- 01
· ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු / තක්සේරුකරු
- 22
· ජ්‍යෙෂ්ඨ බදු නිළධාරී/ බදු නිළධාරි
- 40
· කළමණාකරණ සහකාර
- 12
· රියදුරු
- 05
· කාර්යාල කාර්ය සහයක
- 07

 දකුණු පළාතේ පිරිවැටුම් බදු ගෙවීමට යටත් වන ව්‍යාපාර සම්බන්ධව ලිපිගොනු 18005ක් විවෘතව පැවතින .

ගාල්ල, බලපිටිය, මාතර, තංගල්ල හා හම්බන්තොට ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාල හා සම්බන්ධ වෙමින් පළාත තුළ දී සිදුකරන නිශ්චල දේපල පැවරීම සඳහා පිළියෙල කරනු ලබන සාධන පත්‍ර වල මුද්දර ගාස්තු ගෙවීම් පරික්ෂාකර නිවැරදිව මුද්දර ගාස්තු අය කර ගැනීමට කටයුතු කරනු ලැබේ.

 

 

 
 

ආදායම් දින දසුන

මාර්තු 2024
බ්‍ර සි සෙ
26 27 28 29 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31