Tamil-Sri LankaEnglish (United Kingdom)
ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!! ඔබගේ සියලු බදු ගෙවීම් දකුණු පළාතේ සංවර්ධනය උදෙසා වේ !!!!!!!

මුද්දර ගාස්තු

 හැදින්වීම   අය කරනු ලබන්නේ   ගාස්තු අනුපාත   ගැසට්   වටිනාකම (නිශ්චල දේපල)   ගෙවීම   ආදායම

 හැදින්වීම

1990 අංක 07 දරණ දකුණු පළාතේ මුදල් ප්‍රඥප්තියේ 37 වන වගන්තිය යටතේ මුද්දර ගාස්තු අය කරනු ලබයි..Top

අය කරනු ලබන්නේ

  • දකුණු පළාතේ  පිහිටි නිශ්චල දේපල පැවරීමකට අදාල සෑම සාධන පත්‍රයක් සදාහාම.  
  • ශ්‍රී ලංකාවේ දකුණු පළාත තුළ නීතියෙන් පිහිටුවන ලද යම් අධිකරණයක පවරනු ලබන නඩු කටයුතුවල දී ඉදිරිපත් කරනු ලබන හෝ ගොනු ගතකරනු ලබන සෑම ලේඛණයක් සදාහාම. Top

මුද්දර ගාස්තු අනුපාත

01
 
නිශ්චල දේපලක් තෑඟිදීමේදී*  රු.
a.වටිනාකම රු. 50,000 හෝ ඊට අඩු සෑම රු.100ක් හෝ ඉන් කොටසක් සදහා 3.00
 
 
b. වටිනාකම රු. 50,000ට වැඩි නම්
 
පළමු රු. 50,000  1,500.00
ඉතිරියෙන්, සෑම රු. 100ක් හෝ ඉන් කොටසක් සදහා  2.00
    
 02
 
නිශ්චල දේපලක් පැවරීමේදී (හුවමාරුවක් හෝ තෑඟිදීමක් හැර)*  
a. වටිනාකම රු. 100,000 හෝ ඊට අඩු සෑම රු.100ක් හෝ ඉන් කොටසක් සදහා  3.00
 
 
b. වටිනාකම රු. 100,000ට වැඩි නම්
 
පළමු රු. 100,000  3000.00
ඉතිරියෙන්, සෑම රු. 100ක් හෝ ඉන් කොටසක් සදහා  4.00
 
03. යම් දේපලක් හුවමාරු කිරීම - සම උරුමකරුවන් නොවන*
a. සම වටිනාකමින් යුතු විට
එම දේපල, එහි වෙළඳ අගය මත පැවරීමකදී ගෙවිය යුතු මුද්දර ගාස්තුව
  b. සම නොවන වටිනාකමින් යුතු විට ඉන් වැඩි වටිනාකමින් යුතු දේපල එහි වෙළඳ අගය මත පැවරීමකදී ගෙවිය යුතු මුද්දර ගාස්තුව
 
04 යම් දේපලක් හුවමාරු කිරීම - සම උරුමකරුවන් අතර*
a. සම වටිනාකමින් යුතු විට   10.00
  b. සම නොවන වටිනාකමින් යුතු විට
එක් එක් කොටසේ වෙළඳ වටිනාකම්වල වෙනසට සමාන වටිනාකමින් යුතු දේපලක්  පැවරීමකදී ගෙවිය යුතු මුද්දර ගාස්තුව
 
05 නඩු කටයුතු වලදී ඉදිරිපත් කරන හෝ ගොනු කරනු ලබන ලියවිලි*
a. මහ අධිකරණය සෑම රු.1,000ක් හෝ ඉන් කොටසක් සදහා(රු.2,000 උපරිමයකට යටත්ව) 2.00
  b. දිසා අධිකරණය සෑම රු.1,000ක් හෝ ඉන් කොටසක් සදහා(රු.1,000 උපරිමයකට යටත්ව) 1.00
 
06 මියගිය තැනැත්තකුගේ බුදලයට අයත් යම් කිසි නිශ්චල දේපලක් ඒම දේපලේ අර්ථලාභි හිමිකරුවකු වෙත හෝ මියගිය තැනැත්තාගේ අන්තිම කැමති පත්‍රයේ ප්‍රකාර භාරකරුවකුට හෝ  බූදලයේ පොල්ම:කරුවකු හෝ අද්මිනිස්ත්‍රාසිකකරුවකු විසින් ප්‍රතිෂ්ඨාවකින් තොරව මාරු කිරීමේදී හෝ භාරකරු විසින් ප්‍රතිලාභියාට එසේ මාරු කිරීමේදී හෝ වෛවාහක නඩුවකදී උසාවි නියෝගයක් අනුව නිශ්චල දේපලක් පැවරීමක දී හෝ ගෙවිය යුතු මුද්දර ගාස්තුව ** 10.00
 
07 නැසී ගිය භාරකරුවකුගේ පොල්ම:කරු හෝ අද්මිනිස්ත්‍රාසිකකරු හෝ භාරකරුවකු දැනට ජීවත්ව සිටින භාරකරුවකුට  හෝ අළුත් භාරකරුවකුට නිශ්චල දේපලක් ප්‍රතිශ්ඨාවකින් තොරව මාරු කිරීමේදී හෝ පැවරීමක දී  හෝ ගෙවිය යුතු මුද්දර ගාස්තුව** 10.00
 

* ගැසට් පත්‍රය-644/29, 1991.01.12

** ගැසට් පත්‍රය-698/5, 1992.01.22Top

 ගැසට්

1. 644/29, 1991.01.12

2. 648/05, 1991.02.05

3. 670/04, 1991.07.09

4. 698/05, 1992.01.22

5. 704/04, 1992.03.03

6. 1478/16, 2007.01.04

7. 1735/24, 2011.12.07Top

 මුද්දර ගාස්තු සඳහා වටිනාකම (නිශ්චල දේපල)

*. තෑඟි කරනු ලැබු නිශ්චල දේපලක් නොවන යම් දේපලක් සහ යම් දිනයක් සම්බන්ධයෙන් යෙදී ඇති විට, තක්සේරුකරුගේ මතය අනුව එදිනට විවෘත වෙළඳපොලේදී ඒ දේපලට ලැබිය හැකි මිල ගණන;

 

*. පැවරුම්කරු විසින් 1977 මාර්තු 31 වන දිනදී හෝ ඊට පෙර අත්කර ගන්නා ලද්දා වු ද පසුව තෑඟි කරනු ලැබුවා වූ ද  යම් නිශ්චල දේපලක් සම්බන්ධයෙන් යෙදී ඇති විට -

1. ඒ දේපල 1977 මාර්තු 31 වන දින ධී විකුණන ලද්දේ නම්, තක්සේරුකරුගේ මතය අනුව ඒ දේපල සඳහා ලැබිය හැකිව තිබුණු මිලට, 1977 මාර්තු 31 වන දිනෙන් පසු සහ ඒ දේපල එසේ තෑඟි කල සාධන පත්‍රයේ දිනට පෙර ඒ දේපලට යම් වැඩි දියුණු කිරීමක්, වෙනස් කිරීමක් හෝ අමුතුවෙන් එකතු කිරීමක් කර තිබුණේ නම්, ඒ සඳහා ගිය වියදම එකතු කිරීමෙන් ලැබෙන මුදල; හෝ

 

2.ඒ දේපල තෑඟි කරන්නට යෙදුණු සාධන පත්‍රයේ දිනයේදී විවෘත වෙළඳපොලේදී ඒ දේපල විකුණන ලද්දේ නම්, තක්සේරුකරුගේ මතය අනුව, ඒ දේපල සඳහා ලැබිය හැකිව තිබුණු මුදල;

 

යන දෙකින් අඩු මුදල අදහස්වේ,

 

*. පැවරුම්කරු විසින් 1977 මාර්තු 31 වන දිනෙන් පසු අත්කර ගන්නා ලද්දා වු ද පසුව තෑඟි කරනු ලැබුවා වූ ද යම් නිශ්චල දේපලක් සම්බන්ධයෙන් යෙදී ඇති විට - 

1. ඒ දේපල ඒ පැවරුම්කරු විසින් අත්කර ගන්නා ලද දිනයේදී, විවෘත වෙළඳපොලේදී ඒ දේපල විකුණන ලද්දේ නම්, තක්සේරුකරුගේ මතය අනුව ඒ දේපල සඳහා ලැබිය හැකිව තිබුණු මිලට, ඒ දේපල එකී පැවරුම්කරු විසින් අත්කර ගැනීමෙන් පසු සහ ඒ දේපල එසේ තෑඟි කල සාධන පත්‍රයේ දිනට පෙර ඒ දේපලට යම් වැඩි දියුණු කිරීමක්, වෙනස් කිරීමක් හෝ අමුතුවෙන් එකතු කිරීමක් කර තිබුණේ නම්, ඒ සඳහා ගිය වියදම එකතු කිරීමෙන් ලැබෙන මුදල; හෝ

 

2. ඒ දේපල තෑඟි කරන්නට යෙදුණු සාධන පත්‍රයේ දිනයේදී විවෘත වෙළඳපොලේදී ඒ දේපල විකුණන ලද්දේ නම්, තක්සේරුකරුගේ මතය අනුව, ඒ දේපල සඳහා ලැබිය හැකිව තිබුණු මුදල ; 

යන දෙකින් අඩු මුදල අදහස්වේ.Top

 

 

ගෙවන්නේ

*. සාධන පත්‍රය ලියා අත්සන් කිරීමට පෙර හෝ එම අවස්ථාවේදීම ගෙවිය යුතුය.

*. මුද්දර ගාස්තුව නියමිත බැංකුවකට ගෙවීම මඟින් බැංකු සහතිකය  ලබා ගත හැක.

 

මෙම බැංකු සහතික ඕනෑම ලංකා බැංකු/ මහජන බැංකු ශාඛාවකින් ලබා ගත හැක

Top

 ආදායම 

 

වර්ෂය
මුදල -රු. (000,000)
ඉලක්කය
රැස්කල
1991
20
21
1992
20
34
1993
25
35
1994
27
44
1995
50
52
1996
55
58
1997
60
69
1998
60
85
1999
72
90
2000
91
99
2001
94
161
2002
104
122
2003
110
208
2004
187
277
2005
215
288
2006
280
319
2007
300
381
2008
400
409
2009
300
349
2010
362
443
2011
663
832.2
2012 600 902.8
2013 753 1,000.8
2014 850 1,202.7
2015 1056.3 1,499.8
2016* 1,709.0 *1,082.5

* 2016.01.01 සිට 2016.08.31 දක්වා

Top

 

 

ආදායම් දින දසුන

අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5